හැදින්වීම

ආයතනයේ කටයුතුවලට බලාධිකාරිය ලැබී ඇති ආකාරය

අ) ආඥා පනත්

  • 1931 අංක 20 දරණ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත.
  • 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත.
  • 1947 අංක 8 දරණ රාජ සන්තක ඉඩම් පිළිබඳ ආඥා පනත.
  • 1897 සිට 1903 අතර මුඩුබිම් ආඥා පනත්.

ආ) පනත්

  • 1950 අංක 9 දරණ ඉඩම් අත්කර ගැනීමේ පනත.
  • 1979 අංක 7 දරණ රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ ) පනත
  • 1979 අංක 43 දරණ ඉඩම් ප්‍රදාන ( විශේෂ විධිවිධාන ) පනත
  • 1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත.

ආයතනයේ ආරම්භය හා ඊට අදාල මූලික තොරතුරු

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත පළාත් සභා නම් නෛතික සංවිධාන ව්‍යුහයේ තවත් එක් විෂයයක් ලෙස ඉඩම් විෂය හඳුන්වා දිය හැකිය. ඒ අනුව යමින් 1989 ප්‍රධාන අමාත්‍යංශය යටතේ පළාත් ඉඩම් කාර්යයාලය නමින් මෙම දෙපාර්තමේන්තුව ආරම්භ විය. ආරම්භයේ දී ඉඩම් අධ්‍යක්ෂක යන තනතුර යටතේ ආරම්භ වී වසරක් ඇවෑමෙන් එනම් 1990 වර්ෂයේ දී දෙපාර්තමේන්තුවක් බවට පත්කරන ලදී. ඒ අනුව ඉඩම් කොමසාරිස්වරයෙකුගෙන් සමන්විත උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ලෙස මෙම දෙපාර්තමේන්තුව ස්ථාපිත විය. මේ වන විට නිලධාරීන් සහ සෙසු කාර්යය මණ්ඩලය 91 දෙනෙකුගෙන් සමන්විත වේ. පළාත් සභාවේ ආදායම් රැස්කරන්නන් අතර ප්‍රමුඛ ස්ථානයෙහිලා සිටින මෙම දෙපාර්තමේන්තු ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වන ඉඩම් හිමිකම ලබාදීමේ කාර්යය සඳහා නිරන්තර කැපවී සිටී.