ආයතනයේ කටයුතුවලට බලාධිකාරිය ලැබී ඇති ආකාරය
අ) ආඥා පනත්
ආ) පනත්
ආයතනයේ ආරම්භය හා ඊට අදාල මූලික තොරතුරු
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත පළාත් සභා නම් නෛතික සංවිධාන ව්‍යුහයේ තවත් එක් විෂයයක් ලෙස ඉඩම් විෂය හඳුන්වා දිය හැකය.ඒ අනුව යමින් 1989 ප්‍රධාන අමාත්‍යංශය යටතේ පළාත් ඉඩම් කාරයාලය නමින් මෙම දෙපාර්තමේන්තුව ආරම්භ විය.ආරම්භයේ දී ඉඩම් අධ්‍යක්ෂක යන තනතුර යටතේ ආරම්භ වී වසරක් ඇවෑමෙන් එනම් 1990 වර්ෂයේ දී දෙපාර්තමේන්තුවක් බවට පත් කරන ලදී. ඒ අනුව ඉඩම් කොමසාරිස්වරයෙකුගෙන් සමන්විතව උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ලෙස මෙම දෙපාර්තමේන්තුව ස්ථාපිත විය. මේ වන විට නිලධාරීන් සහ සෙසු කාර්ය මණ්ඩලය 91 දෙනෙකුගෙන් සමන්විත වේ.පළාත් සභාවේ ආදායම් රැස් කරන්නන් අතර ප්රමුඛ ස්ථානයෙහිලා සිටින මෙම දෙපාර්තමේන්තුව ජනතාවගේ මූලික අවශ්‍යතාවක් වන ඉඩමක හිමිකම ලබාදීමේ කාර්යය සඳහා නිරන්තර කැපවී සිටි.
